2010/05/13

අසාර්ථක පළමු ෆොටෝ චාරිකාව

කාලයක් තිස්සේ හීන බලලා ගත්ත කැමරාවත් අරන් කොහේ හරි ෆොටෝ චාරිකාවක් යන්න ලොකු උවමනාවක් මට තිබුණා. කොහොම හරි ඒකට අද හවස වෙන් කරගෙන මගේ රූම් එකේ ඉන්න ධම්මික අයියත් එක්ක තිස්ස වැව පැත්තට යන්න හිතුවා. ඉතින් බයිසිකලේකුත් හොයාගෙන ගමන පටන් ගත්තා. කැමරාවේ තියන එකේක ජාතියේ settings වෙනස් කර කර දිගට හරහට ෆොටෝ ගත්තා. තිස්සමහාරාම ස්තූපය ලගින් පටන්ගෙන තිස්ස වැවේ බැම්ම දිගේ ගිහින් වැවේ ඇල පාර තියන පැත්තටයි අපි ගියේ. මේ පාරේ අපි දෙන්නගෙන් කවුරුවත්ම ගිහින් නෑ. ඒත් දිගටම ගියා. මොකද මාර ලස්සන පැත්තක් නිසා. විශාල මාර ගස් මේ පාර පුරාම තියන නිසා කියලා වැඩක් නැති ලස්සනක් තිබුණේ. හැබැයි Office එකෙන් ආවේ 5 ට නිසා මේ හරියට එනකොට ආලෝකේ හොද තත්ත්වෙක තිබුණේ නෑ. (පස්සේ බැලින්නම් අරගත්ත ෆොටෝ ඔක්කොම බොද වෙලා) කොහොම කොහොම හරි බයිසිකලේ පැය එකහමාරක විතර ගමනක් ගිහන් ආයි ඉන්න තැනට එන කොට ඇගට හොද ගනන්. කොන්දත් රිදෙන්න ගත්තා. බඩගිනියි ඔක්කොටම වඩා. මොනවා උනත් ආපු ගමන් ෆොටෝ ටික computer එකෙන් බලද්දි දුකේ බෑ. ඔක්කොම ෆොටෝ 148 ක් අරන් තිබුණත් වැඩකට ඇති එකම එක ෆොටෝ එකයි තිබුණේ. අනේ ඉතින් මොනවා කරන්නද. මගේ පළවෙනි ෆොටෝ චාරිකාව හොදමට අසාර්ථකයි. නිධානය වගේ තිබුණ ඒක ඔන්න ඉතින් මගේ flickr ගිණුමට දැම්මා. (මෙතන ඔබන්න) පස්සේ ඉතින් රැට උයාගන්නත් පන නැති නිසා තිස්ස ටවුමේ කඩේකින් හොද කොත්තුවක් කාලා ඇවිත් bolg එකට දාන්න මේකත් ලියලා දවස අවසන් කළා.

මගේ චාරිකාව අසාර්ථකයි තමයි. හැබැයි ෆොටෝ ගන්න කැමති අයට, ඕනි ආලෝකයක් යටතේ ෆොටෝ ගන්න ත්‍රිපාද එහෙම තියන අයට හවසක තිස්ස වැවේ බැම්ම දිගේ ගිහින් යටාල පැත්තට විහිදී යන ඇල මාර්ග දිගේ ගියොත් හරිම ලස්සන දර්ශන ටිකක් කැමරාවේ සටහන් කර ගන්න පුලුවන් වේවි.