2010/08/23

අභයගිරියේ සමාධි පිළිමය (ඡායාරූප)

මෙම ස්ථානයේ අතීතයේ බෝධිඝරයක් තිබුණා යැයි සැලකේ. මෙම පිළිමයට පිටුපසින්ද තවත් මෙවැනිම ආකාරයක් ගන්නට ඇතැයි සිතිය හැකි සමාධි පිළිමයක කොටසක් දැකිය හැකිය.මෙම පිළිමයේ වීරාසන මුද්‍රාවෙන් පාද පිහිටුවා ඇත. මෙම පිළිමයේ දෙඇස් වලට මැණික් ඔබ්බවා තිබෙන්නට ඇතැයි සැලකේ.

අභයගිරියේ ඇති මේ සුප්‍රසිද්ධ සමාධි පිළිමය ගැන මිනිසුන් පවසන අදහසක් වන්නේ, ප්‍රතිමාවේ මුහුණ දෙස දෙපසින් බැලීමේදී ආකාර දෙකකින් පෙනෙන බවයි. එනම් එක් පසෙකින් බැලීමේදී සිනාසෙන ආකාරයකුත්, අනිත් පසින් බැලීමේදී දුක්මුසු ආකාරයකුත් පෙනෙන බවයි. එසේම ඉදිරියෙන් බැලූ විට උපේක්ෂා සහගත ස්වරූපයක් දක්වන බවත්ය. නමුත් මේ ගැන සමහරු එකඟ නෑ. මේ ඡායාරූප අතර එලෙස ප්‍රතිමවේ දෙපසින්ම ගත් ඒවා මෙන්ම ඉදිරියෙන් ගත් ඒවාද ඇත. ඒවා බලා මේ අදහස් ගැන ඔබටම නිගමනයක‍ට එළඹිය හැකිය.....

මම 2010.06.30 ගත්ත ඡායාරූප ටිකක් තමයි මේ තියන්නේ.

ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......


2010/08/09

හම්බන්තොට වරාය වැඩබිම (ඡායාරූප)

හම්බන්තොට නව වරාය වැඩබිම මේ දින වල ලංකාවේ සැමගේ අවධානය දිනාගෙන තිබෙනවා. වරායට ලඟදීම ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් ජලය පිරවීම ආරම්භ කරන අතර ඊට කලින් වරාය දැක ගැනීම සැමගේ අපේක්ෂාවයි. කොහොම උනත් මම අඟහරුවාදා හම්බන්තොට වරාය අධිකාරියේ කාර්යාලය ලගින් (හම්බන්තොට-ඇඹිලිපිටිය පාරේ) යන කොට එතන වැඩි සෙනගක් හිටියේ නැතත් වරාය බලන්න ...හිතාගෙන සිකුරාදා එතනට එනකොට තත්ත්වේ සැහෙන්න වෙනස් වෙලා. විශාල පිරිසක් ඇවිත් සිට අතර අම්බලන්තොට ඩිපෝවෙන් වරාය සේවා නම්න් වෙනම බස් සේවයක් යොදවා තිබුණා. පාස් නැති අයට වරායට පිවිසෙන්න උනේ මේ බස් මගින්. යන්න එන්න දෙකටම රු 20 ක් ගත්ත මේ බස් සෙනඟ සම්පූරණයෙන් පිරුණු ගමන් වරාය දක්වා ගිහින්, එතනින් කට්ටිය අරන් ආයි එනවා. මේ විදිහට විනාඩි 5න් 5ට බස් ගියා. හැබැයි පෞද්ගලික වාහන වල පාස් අරන් යනවට වඩා විශේෂ බස් සේවයේ යන එක ඉක්මන් කියලා මට හිතුනේ. අද වෙනකොට නම් තත්ත්වේ තවත් බරපතල ඇති. මම දැක්කා ඊයේ 2010.08.07 ලියපු බ්ලෝග් එකක තියනවා කාර්යාලයේ සිට වරාය දක්වා තියන මේ 2km විතර දුර යන්න ඒ කට්ටියට පැය 4ක් ගියා කියලා!!!

මම සිකුරාදා (2010.08.06) ගිහින් වරාය පැත්තේ ගත්ත ඡායාරූප ටිකක් තමයි මේ තියන්නේ.

ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......