2010/09/13

කතරගම දේවාලයේ විශේෂ පෙරහැර (ඡායාරූප)

කතරගම දේවාලයේ පෙරහැර ජූලි මාසේ 26 වෙනිදා තිබුණු දිය කැපීමේ උත්සවයෙන් නිමා උනා. පෙරහැර ගොඩදෙනෙකුට දකින්න ලැබුණත් වැඩි දෙනෙක් නොදකින විශේෂ පෙරහැරක් ද මේ අතර ගමන් කරනවා. මේ පෙරහැර යන්නේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. හැමදාම මේ පෙරහැර යන්නේ නැති බව තමයි ආරංචි උනේ. මම දන්න විදිහටනම් එක දවසක් විතරයි යන්නේ. මේ ඡායාරූප මම ගත්තේ 20...10.07.23 වෙනිදා. අවසාන පෙරහැරට දින දෙකකට කලින්. කතරගම දේවාලයේ සිට අසල තියන වල්ලි අම්මා කෝවිලට තමයි මේ පෙරහැර ගමන් කරන්නේ. වල්ලි අම්මා කොවිලට ආ පසුව ඇතා පිට ගෙන ආ පූජා භාණ්ඩ ඒ දේවාලයේ ඇතුළට ගෙනගොස් පුදපූජා පවත්වා යළිත් ඇතා මත තබා මහ දේවාලය වෙතට ගෙනියනවා. මේ පෙරහැරේ විශේෂත්වය තමයි කිසිදු නැටුම් කණ්ඩායමක් පෙරහැර සමඟ ගමන් නොකිරීම. කරඬුව රැගත් ඇතා, බස්නායක නිළමේ (හෝ ඒ වෙනුවට යන වෙනත් කෙනෙක්), සහ පරිවාර නිළධාරීන්, කොඩිකරුවන්, සේසත්කරුවන් හා බෙරවායන් කිහිපදෙනෙක් විතරයි පෙරහැර එක්ක යනු ලබන්නේ. මේ නිසාම මේ පෙරහැර ඉතාම කෙටි කාලයකින් නිමාවට පත් වෙනවා. මොකද පෙරහැර වැඩිය දිගත් නෑනේ. කොහෙම උනත් වැඩි දෙනෙක් මේ පෙරහැර බලන්න එන්නේ නෑ. ගොඩක් අය දන්නේ නෑ. අනික යන්නෙත් මධ්‍යම රාත්‍රියේ නිසා වෙන්න ඇති මිනිස්සු එන්නේ නැත්තේ. පෙරහැර මාවත දෙපස දහස් ගණනක දෙමල බැතිමතුන් හිටියත් හොදට නිදාගන්නවා මිසක් මේ පෙරහැර බලන්න නම් උනන්දු වෙන බවක් පේන්නේ නෑ. මේ ඡායාරූප ගත්ත දවසේ නම් පෙරහැර ගියේ පාන්දර 12 ට. පාන්දර 01 වෙනකොට සියල්ල නිමා උනා....









ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......