2010/04/25

පැරණි තාක්ෂණය


දවසක් මම තිස්සමහාරාමයේ යටාල විහාරය පැත්තේ ගිය වෙලාවක තමයි මෙම බුදු පිළිමයක යට කොටස දැක්කේ. මේක යටාල වෙහෙරේ සලපතල මළුවේ අයිනක තමයි තිබුණේ. බුදු පිළිම වල කොටස් නිතර දැකලා තිබුණත් මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පැරණි ප්‍රතිමා නිර්මාණය තාක්ෂණය ගැන වැදගත් කරුණක් පෙනෙන්නට තිබීම. සමහර වෙලාවට සම්පූර්ණ පිළිමයක් හදන්න බැ‍රි වෙලාවට කොටස් වශයෙන් හදලා තියන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට කොටස් සවි කිරීමෙන් පසුව හුණු බදාමයකින් පිළිමය ආවරණය කරන්නට ඇතියි කියලා හිතන්න පුළුවන්. ඉන් පසුව වර්ණ ආලේප කිරීමත් සිදුකරන්නට ඇති. පැරණි ගල් පිළිම වල ඉතිරි වී ඇති බදාම කොටස් හා වර්ණ කොටස් අනුව අපිට එවැනි නිගමනයකට එන්න පුළුවන්. මේ විදිහට සකස් කිරීමෙන් පසුව කොටස් වශයෙන් සවි කළ එකක්ද, තනි ගලින් සෑදූ එකක්ද කියලා බාහිරින් බලලා හොයන්න බෑ. මෙහි උඩ කොටස නම් දකින්නට තිබුණේ නෑ.

3 ප්‍රතිචාර:

Amila Chathuranga said...

හරවත් සොයාගැනීමකි....

වරුණ කමලවංශ said...

ස්තුතියි indi............ :)

Hasitha Gunasinghe said...

තව මේ වගේ කොච්චර වටින කියන තාක්ෂණයක් හැංගිලා ඇත්ද ?