පැරණි ස්මාරක සංරක්ෂණයේදී මුල් කාලයේදී යොදාගත්තේ ඉංජිනේරු ගඩොල් ලෙස අපි හදුන්වන ගඩොල්ය. නමුත් පුරාවිද්‍යාත්මක මූලධර්ම අනුව මේ ගඩොල් පැරණි ස්මාරක සංරක්ෂණයට නුසුදුසු යැයි පුරාවිද්‍යාඥයෝ තීරණය කළහ. ඒ අනුව පැරණි ගඩොල් වල ප්‍රමාණයටම සැකසූ එහෙත් යම් වෙනසක් සහිත ගඩොලක් ස්මාරක සංරක්ෂණය සඳහා යොදා ගැනීමට කටයුතු යොදන ලදී.
පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා ලංකාවේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකෙන් එකක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබිම් සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ නිසා එම ගඩොල් අවශ්‍යතාවය සැපිරීමට විශේෂ ගඩොල් පෝරණුවක් සාදන ලදී. ඒ අනුරාධපුර ගල්කඩවල ප්රදේශයේය. අදත් අභයගිරිය වැනි ස්මාරක සංරක්ෂණය සඳහා ගඩොල් සපයා ගනු ලබන්නේ මෙම පෝරණුවෙන්ය.
ස්මාරක සංරක්ෂණයට යොදාගන්නා මෙම විශේෂ ගඩොල් හදලා තියන්නේ පරණ ගඩොල් වල ප්‍රමාණයටමයි. ඒත් මේ ගඩොල් එම පැරණි ගඩොල් වලට වඩා ශක්තියෙන් අඩු වෙන්න තමයි හදලා තියන්නේ. (ගඩොලේ ශක්තිය මනිනු ලබන්නේ වර්ග අඟලට බර දැරීමේ හැකියාව රාත්තල් කියන ඒකකයෙනි. PSI) එයට හේතුව යම් ස්වභාවික හේතුවක් නිසා ස්මාරකය හායනයට ලක්වුවහොත් අලුතින් එක් කළ ගඩොල් විනාශ වී පැරණි කොටස් ආරක්ෂා කර ගැනීමයි.
ඒ වගේම මේ ගඩොල් වල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සලකුණ හා බුද්ධ වර්ෂය යොදා තිබෙනවා. පැරණි ස්මාරකයක් සංරක්ෂණයේදී අලුත් ගඩොල් යොදා ගන්නා අවස්ථා තිබෙන අතර එසේ එකතු කළ ගඩොල් පසුව හදුනාගැනීම සඳහායි මෙවැනි සලකුණක් යොදන්නේ. බුද්ධ වර්ෂය යෙදීමෙන් පසු කාලයකදී ස්මාරකයේ සංරක්ෂණ කටයුතු සිදුවූ කාලය ගැන අදහසක් ද ඇති කර ගැනීමට හැකියි.
මෙන්න මේ නිසයි ගෙවල් හදන්න ගන්න විදිහේ ගඩොල් ස්මාරක සංරක්ෂණයට යොදා නොගන්නේ....