2010/07/03

පොසොන් දවසට පහුවෙනිදා අනුරාධපුරයට.......

කාලෙක ඉදන් අනුරාධපුරේ පැත්තේ චාරිකාවක් යන්න හිතාගෙන හිටියත් වෙලාවක් තිබුණේ නෑ. අන්තිමේ වෙනත් ගමනකට කුරුණෑගල පැත්තේ ගිය වෙලාවන එහෙම්මම අනුරාධපුරෙත් ගියා. හැබැයි මම ගියේ අනුරාධපුර පැත්තේ යන්න හොදම නැති දවසක තමයි. මොකද පොසොන් එකට පහුවෙනිදා තමයි මම අනුරාධපුරය‍ට ආවේ. පොසොන් කාලෙට තමයි අනුරාධපුරේට වැඩිම පිරිසක් එන්නේ. මේ එන මිනිස්සු බැහැර කරන අපද්‍රව්‍ය නිසා පොසොන් සමයෙන් පස්සේ ටික කාලයක් යනකම් පරිසරයේ තත්ත්වයනම් එච්චර හොද නෑ. පොලිතීන් හැමතැනම සුළගට ගහගෙන යනවා. කෑම ජාති කුණුවෙලා එන ගදිනුත් අඩුවක් නෑ. අනිත් දේ තමයි "පොසොන් බට්ටෝ" (පොසොන් බට්ටෝ කියන්නේ මේ එන මිනිස්සු දාන වර්චස් වලට මේ පැත්තේ අය කියන නම) :D ප්‍රධාන මාර්ග වලින් ඇතුළට ගිය වෙලාවල් වල නිතර මේ ගැන අවධානෙන් තමයි මම ඇවිද්දේ. සමහර කට්ටිය පුරාවස්තු උඩ ගිනි තියලා. මේව පුරාවස්තු වලට හානිකර දෙවල්. මේ ගැන අපේ කට්ටියට එච්චර උනන්දුවක් නෑ වගේ. සමහරවිට රුවන්වැලියයි, ශ්‍රී මහා බෝධියයි විතරක් ඉතුරු උනාම ඇති වෙන්න ඇති......

0 ප්‍රතිචාර: