2010/03/03

වින්ඩෝස් අතහැර උබුන්ටු වෙත මාරු වීමට කාලයයි.

අවුරුදු ගනනක් පුරා මම භාවිත කළේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති. මේ වන විට මගේ තේරීම වෙලා තියන්නේ වි‍න්ඩෝස් 7. කිසිම ප්‍රශ්නයකින් තොරව මාසෙක විතර කාලයක් වින්ඩොස් එක්ක හිටියත් දැනට දවස් කිහිපයක ඉදන් අනතුරු ඇගවීමේ පණිවිඩයක් එනවා වින්ඩෝස් භාවිතයට ලබා දී ඇති කාලයය අවසන් කියලා. මට පේන්නේ මම දාගෙන තියන්නේ trail සංස්කරණයක් වෙන්න ඕනි. දැන් ලබා දුන්න කාලය ඉවර වෙලා දවස් දෙකක් වෙනවා. තාමත් ලොකු ‍සිදුවීමක් උනේනම් නෑ. මම අමතර partition එකක උබුන්ටු දාලා තිබුනත් ඒක කවදාවත් පාවිච්චි කළේනම් නෑ. ඒත් මේ සිදුවීමත් එක්ක විවෘත මෘදුකාංග වෙතට මගේ ඇති උනන්දුව තවත් වැඩි උනා.

සම්පූරණයෙන්ම වින්ඩොස් අතහැර උබුන්ටු වෙතට යන්න හැදුවත් කාලයක් තිස්සේ පුරුදුඋන වින්ඩොස් පාදක මෘදුකාංග අතාරින්න බැරිවීම තමයි මට ආපු ලොකුම ප්‍රශ්නය උනේ. මේකට කරන්න පුලුවන් මොකද්ද කියන එක ගැන අන්තර්ජාලයේ කළ සෙවීමක් මට විසදුමක් හමුවුනා. ඒ දර්ශනගේ මානසික ඔපෙරාව තුළින්. එම ලිපියෙන් හොද මග පෙන්වීමක් ලැබුනත් එහි සදහන් වන වයින් නැමති මෘදුකාංගය මගේ පරිගණකයේ නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නයක් ඇති උනා. මේ ගැන මම ටෙක්කතා සමූහයෙන් උදව් ඉල්ලලා පණිවිඩයක් යැව්වා. එයට ලැබෙන ප්‍රතිචාර මත මගේ වින්ඩොස් අතහැර උබුන්ටු වෙතට යාමේ අවශ්‍යතාවය සම්පූරණ කර ගන්නට හැකි වේවි යැයි සිතනවා. (මේ ගැටලුවට මට ලැබුණු විසදුම්)

නීත්‍යානුකූල මෘදුකාංග ප්‍රශ්නය නිසා මේ විදිහට උබුන්ටු වෙතට මාරු වෙන්නට හැදුවත් මගේ නම් හිත යටින් තාමත් කැමැත්ත තියන්නේ වින්ඩෝස් වෙතටම තමයි. (ඒ අතරිනුත් වින්ඩොස් 7 මගින් ගොඩාක් පහසුවෙන් වැඩ කරන්න පුලුවන් බවයි මගේ අදහස)

1 ප්‍රතිචාර:

Samitha Thilakarathna said...

සිරා ලිපිය!!