හම්බන්තොට නව වරාය වැඩබිම මේ දින වල ලංකාවේ සැමගේ අවධානය දිනාගෙන තිබෙනවා. වරායට ලඟදීම ජනාධිපතිතුමගේ ප්රධානත්වයෙන් ජලය පිරවීම ආරම්භ කරන අතර ඊට කලින් වරාය දැක ගැනීම සැමගේ අපේක්ෂාවයි. කොහොම උනත් මම අඟහරුවාදා හම්බන්තොට වරාය අධිකාරියේ කාර්යාලය ලගින් (හම්බන්තොට-ඇඹිලිපිටිය පාරේ) යන කොට එතන වැඩි සෙනගක් හිටියේ නැතත් වරාය බලන්න ...හිතාගෙන සිකුරාදා එතනට එනකොට තත්ත්වේ සැහෙන්න වෙනස් වෙලා. විශාල පිරිසක් ඇවිත් සිට අතර අම්බලන්තොට ඩිපෝවෙන් වරාය සේවා නම්න් වෙනම බස් සේවයක් යොදවා තිබුණා. පාස් නැති අයට වරායට පිවිසෙන්න උනේ මේ බස් මගින්. යන්න එන්න දෙකටම රු 20 ක් ගත්ත මේ බස් සෙනඟ සම්පූරණයෙන් පිරුණු ගමන් වරාය දක්වා ගිහින්, එතනින් කට්ටිය අරන් ආයි එනවා. මේ විදිහට විනාඩි 5න් 5ට බස් ගියා. හැබැයි පෞද්ගලික වාහන වල පාස් අරන් යනවට වඩා විශේෂ බස් සේවයේ යන එක ඉක්මන් කියලා මට හිතුනේ. අද වෙනකොට නම් තත්ත්වේ තවත් බරපතල ඇති. මම දැක්කා ඊයේ 2010.08.07 ලියපු බ්ලෝග් එකක තියනවා කාර්යාලයේ සිට වරාය දක්වා තියන මේ 2km විතර දුර යන්න ඒ කට්ටියට පැය 4ක් ගියා කියලා!!!
මම සිකුරාදා (2010.08.06) ගිහින් වරාය පැත්තේ ගත්ත ඡායාරූප ටිකක් තමයි මේ තියන්නේ.
ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......



6 ප්රතිචාර:
Ela Machan Ela.
සහොදරයා... පාවිචි කරන කැමරාව මොකක්ද???
machan umbe blog eka niyamai.digatama liyapan api kiyavanava.
@ gani01, thank you machan......
@ සහෝදරයා මම පාවිච්චි කරන්නේ Nikon D3000 කැමරාවක්
@randika
ela machan, ubela ohoma kiyanakota liyanna hethenawa nennam.... :D
meka ikkmanata hadala ewara weida?
a gananam man hariyata kiyanna danne na yaluwa... november wela palaweni nawa anawa kiyalanam kiyanawa. thawa godak hadannath tiyanawa.....
Post a Comment